පුද්ගලයින් හතළිස් දෙදෙනෙකුට මරු කැඳවු අලව්ව යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ දී සිදුවු අනතුරට අදාළ බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට මරණ දඩුවම නියම කර තිබේ.
කුරුණෑගල, මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් අද (05) මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
2005 වර්ෂයේ අප්‍රියෙල් 25 වනදා අලව්ව යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ දී බස් රථයක් නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇත.
එහිදී තවත් පුද්ගලයින් 35 දෙනෙකු බරපතළ තුවාල ලැබීය.
මෙම බිහිසුණු අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට එරෙහිව චෝදනා 152 ක් ගොනු කරමින් නීතිපතිවරයා විසින් නඩුව ගොනු කර තිබිණි.
මේ සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණය හමුවේ පැවති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ අනාරක්ෂිත ලෙස බස් රථයක් ධාවනය කිරීම හේතුවෙන් අදාළ අනතුර සිදුව ඇති බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට මරණ දඬුවම නියම කළේය.
No comments:
Post a Comment